Nouns - නාම පද
- Noun is a name of a person, place or a thing.
- නාම පද යනු යම් පුද්ගලයෙක්, යම් ස්ථානයක් හෝ යම් දෙයක් හැදින්වීමට යොදන පද වේ.
Sri Lanka, India
cat, dog
boy, girl
pen, book
නාම පද විවිධ වූ වර්ගකිරීම් වලට ලක් කළ හැකිය. ඉංග්‍රීසි භාෂාවේ නාම පද වර්ගීකරණය පිළිබදව අප විසින් සලකා බලමු.
Kinds of Nouns
නාම පද ප්‍රධාන ලෙස කොටස් දෙකකට බෙදා දැක්විය හැක,
01. Common nouns
පොදුවේ භාවිත කළ හැකි නාම පද මේ ගණයට අයත් වේ.
නිදසුන් ලෙස ......
boy යන පදය සලකා බැලීමේ දී ඔිනෑම පිරිමි ළමයෙකුට ඒසේ දැක්විය හැකිය.
ඒ ලෙසම cat, dog, man girl, shop, pen, book, වැනි බොහෝ වචන මෙම පොදු නාම වර්ගයට අයිති වේ.
02. Proper nouns
නිශ්චිත පුද්ගලයෙකුට හෝ නිශ්චිත ස්ථානයකට හෝ නිශ්චිත දෙයකට භාවිතා කරන නාම මේ වර්ගය යටතේ වර්ග කළ හැක.
නිදසුන් ලෙස Nimal, John,
Sri Lanka, Anuradhapura,
rose flower,Tom cat, Godzilla,
දැක්විය හැක.
No comments:
Post a Comment